සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සහායිකාවට අතවර කරන්න ගිය පොලිස් නිලධාරියා මාට්ටු වෙයි..

 


අනතුරට ලක්ව රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි 1990 සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සහායිකාවට අතවර කර පොලිස් මුරපොළේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළ බවට සැකපිට යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර සිටිනවා.

පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ, අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු වන අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සැරයන්වරයාගේ සහෝදරයා, ගිලන් රථයට නංවාගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී ඊට සහාය සඳහා එයට ගොඩවී ඇති සැකකාර හමුදා සැරයන්වරයා රෝගියා සමඟ සිටි සෞඛ්‍ය සහායිකාවට ගිලන් රථය තුළදී අතවර සිදුකිරීමට තැත්කර ඇති බවයි.

ඒ බව සෞඛ්‍ය සහායිකාව විසින් පොලිස් මුරපොළේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොළේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු පලායෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයා අධික ලෙස බීමත්ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.

හොරණ මූලස්ථාන පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments