විජයකලා අවසානයේ රනිල් ලඟට.

 


හිටපු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය යාපනයේ දූපත් ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක කටයුතු පෙරේදා (18) ආරම්භ කර ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකු ඇයගේ සහාය ඉල්ලා ඇතත් ඇය මෙවර ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට අදහස් කර කළ බව ප්‍රචාරක කටයුතු අතරතුර දී මාධ්‍යයට පවසා තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා මෙවර පොදු දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමත් සමඟම දෙමළ දේශපාලන පක්ෂ කීපයක් තුළම දැඩි භේදභින්න වීමක් දක්නට ඇති බව ද ඇය සඳහන් කරනවා.

ඒ, හේතුව නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට උතුරේ දෙමළ ජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවන බව ද හිටපු අමාත්‍යවරිය කියා සිටියා.

මැතිවරණය ආසන්නයේදී පොදු දෙමළ අපේක්ෂකයා ඉල්ලා අස්වීමක් හෝ නිහඬව සිටීමක් බලාපොරොත්තු විය හැකි බව ද විජයකලා මහේස්වරන් වැඩිදුරටත් සඳහන් කරනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments