ආසියානු කුසලානයේදී ඉන්දියාව හඬවපු හර්ෂිතා මේ පාර අයර්ලන්ත ක්‍රීඩිකාවන් හඬවයි.


සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තා.පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම වේගවත් අර්ධ ශතකයක් ලබා ගත්තා.ඒ පන්දු 29කදීයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගය අති විශිෂ්ට ජයක් අත් කරගත් අතර හර්ෂිතා නොදැවී පන්දු 45කදී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුණා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments