බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා.
එලෙස චන්දික හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ බංග්ලාදේශ පිල අතීතයේ ලැබූ සාර්ථකත්වය සාමුහිකත්වය මත ගොඩනැගුණු එකක් බවත්, හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවත්ය.
බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තා.
ඒ, අනුව නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවයි.
2024 මාර්තු මස 08 වන දින සිට 2024 මාර්තු මස 19 වන දින දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති Legend cricket Trophy – 2024 තරඟාවලිය තුල 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු වන බවට ICC යේ දුෂණ විරෝධී ඒකකය මඟින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විර්මශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අදාලව එම ඒකකය මගින් විර්මශනයක් ආරම්භ කරනු ලැබුවා.
තවත් පුවත් :
- රාජ්‍ය අමාත්‍යවරයෙක් හදිසි තීරණයක. - එක්වරම ආයතන වගකීම් වලින් ඉවත් වෙයි.
- ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?
0 Comments