පොහොට්ටුවේ මාතර කට්ටියත් රනිල්ට.


මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේ දී අද සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවැත්විණි.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්,හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවයි.

අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments