එස්.ටී.එෆ් නිළධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී එම නිළධාරීන්වත් අනතුරට ලක්කර පළා ගිය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ශිරාන් බාසික් අලි' ගේ පුතා වන 'නදීන් බාසික් අලි' නමැත්තාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ඊයේ (27) රාත්‍රීයේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබුණා.
එලෙස අත් අඩංගුවට ගත් නදීන් බාසික් අලිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා පිළිබඳ විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ අයෙක්.
කෙසේ වෙතත් ඔහු එම තහනම අධිකරණය මගින් තාවකාලිකව ඉවත් කර ගෙන තිබු බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මීට මාස දෙකකට පමණ පෙර පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් වැල්ලවත්ත ප්‍රදේශයේ දී ඔහු ගමන් කරමින් තිබූ මෝටර් රථය නැවැත්වීමට තැත් කිරීමේ දී, එම නිලධාරීන් සිය මෝටර් රථයෙන් අනතුරට ලක් කර ඔහු පළා ගොස් තිබුණා.
අනතුරුව ඒ පිළිබඳ වැල්ලවත්ත පොලීසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව යළි ගුවන් ගමන් තහනමක් පනවා තිබූ අතර නදීන් බාසික් අලි මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා වැල්ලවත්ත පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙක්.
'නදීන් බාසික් අලිගේ' පියා වන 'ශිරාන් බාසික් අලි' මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධයි.
සැකකරු මේ වනවිට වැල්ලවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවද සඳහන්.
තවත් පුවත් :
- චන්දික හතුරුසිංහට ලොකු හතුරුකමක්.
- පල්ලෙකැලේදී ක්‍රිකට් තරග පාවා දීම ගැන ක්‍රිකට් ප්රබලයෙකු පාපොච්චාරණය කරයි.
0 Comments