ජාතික ජන බලවේගය අද (26) සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදකවනු ලැබුවා.
එය නම් කර ඇත්තේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ලෙසයි.
එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකනු ලබන අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා ස්ථානයක් ලබා දී ඇති අතර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇත.
රට තුළින් සොයාගත හැකි ස්වාභාවික සම්පත්, වෘත්තිය හා පුහුණු ශ්‍රම සම්පත්, ඛණිජ සම්පත්, තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්ම, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලි කර්මාන්ත වැනි කලාප මීට ඇතුළත් වේ.
එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රධාන කොටස් 4ක් යටතේ නිර්මාණය කර ඇත. එහි පිටු 230ක් අඩංගුය.(මෙතනින් බලන්න .)
තවත් පුවත් :
- දිලිත්ගේ සංග්‍රහයකට මැතිවරණ කොමිසම පනී.. සියළු කෑම බීම සීල්.. අරක්කු පොලිසියට ගනී..
- රන් පදක්කම් අටක් දිනා පළමු පෙළ සාමාර්ථයකින් නිදහස් අධ්‍යාපනයට ගෞරව කළ පේරාදෙණි සරසවි දියණිය.
0 Comments