''කුමුදුමාලී ඩබ්ලිව්. යූ. '' මේ නම හරි අපූරුවට කියවෙනවා ඇහෙනකොට, නමෙහි හිමිකාරියව දන්නා නොදන්නා කාගෙත් හදවතට සියුම් ආඩම්බරයක් දැනුනු බව විශ්වාසයි.
සමාජ මාධ්‍යයේ එහා මෙහා යන ඔබ අනිවාර්යයෙන්ම මදකට නතර වෙන්න ඇති, උදේනි කුමුදුමාලී නම් පේරාදෙණි සරසවි දියණිය සිය උපාධිය ලබාගන්නා වීඩියෝව ළඟ.
උපාධියක් ලැබීම විශේෂ කාරණාවක් වෙන තැන, ඇය සිය උපාධි සිහිනය සුවිශේෂී එකක් බවට පත්කරගෙන තිබුණේ රන් පදක්කම් අටක් එක්ක පළමු පෙළ සාමාර්ථයකින් උපාධිය සම්පූර්ණ කරමින්.
ඒ ගමන කොහෙත්ම සරල එකක් නොවුණු වග ඕනෑම කෙනෙක් දන්නා දෙයක්.
නමුදු, කුමුදුමාලී සිය නොසැලෙන අධිෂ්ඨානය, ශක්තිය සහ විශ්වාසය එක්ක ඇගේ නමට වටිනාකම් රැසක් එක්කාසු කරගන්නේ, නිදහස් අධ්‍යාපනයට උපරිම ගෞරවය ද ලබාදෙමින්.
සරසවිය සිහිනයක් කරගත් දරුවො කාටත්, ''කුමුදුමාලී W.U.'' මහත් ආදර්ශයක් බවත් නොකියාම බෑ.
තවත් පුවත් :
- ලිංගික නිර්ණායන් වෙනස් වෙයි..මිනිසා වඳවී යාමේ අවදානමක්.
- නිමාවට පත් වූ ටෙස්ට් තරගය ගැන මැතිව්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
0 Comments