පල්ලෙකැලේදී ක‍්‍රිකට් තරග පාවා දීම ගැන ක‍්‍රිකට් ප‍්‍රබලයෙකු පාපොච්චාරණය කරයි.


2024 මාර්තු මස 08 වන දින සිට 2024 මාර්තු මස 19 වන දින දක්වා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති Legend cricket Trophy – 2024 තරඟාවලිය තුල 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු වන බවට ICC යේ දුෂණ විරෝධී ඒකකය මඟින් ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විර්මශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අදාලව එම ඒකකය මගින් විර්මශනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ, අනුව මෙහිදී අනාවරණය වී ඇත්තේ,එම තරඟාවලියේදී පන්ජාබ් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකුට සහ නවසීලන්ත ජාතික ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීමට යෝජනා කර ඇති බවටයි.

අනතුරුව මෙම සිද්ධියට අදාලව ඉන්දියානු ජාතිකයෙකු චූදිත වශයෙන් නම් කර තරඟ පාවාදීමට අදාලව හා තරඟ පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහනුවර මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, අනුව 2024.08.27 වන දින මහනුවර ගරු මහාධිකරණයේදී මෙම නඩු කැඳවූ අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයා එම අධිචෝදනා දෙක සඳහාම වරද පිලි ගැනීමෙන් පසු ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින් එක් නඩුවකට රුපියල් මිලියන 5.5 බැඟින් මිලියන 11 ක්ද, එක් නඩුවකට වසර 02 බැගින් බරපතල වැඩ සහිතව වසර 10 බැඟින් අත්හිටවූ සිර දඬුවම් නියම කර ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments