එංගලන්ත ඉනිම ලකුණු 325කට සීමා වෙයි.


ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 325කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී එංගලන්තය වෙනුවෙන් නායක ඔලිව් පොප් ලකුණු 153ක් සහ බෙන් ඩකේට් ලකුණු 86ක් රැස්කිරීමටයි සමත් වුණේ.

සෙසු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.

පන්දුයැවීමේදී මිලාන් රත්නායක කඩුලු තුනක් දවාගත්තා.

එංගලන්තයේ අවසන් කඩුලු 04ලකුණු 26ක් තුළ දැවීයාමත් විශේෂත්වයක්.

අද (07) තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments