ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුණා.
දෙරටටම අතිශය වැදගත් තරගයක් වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ආරම්භක සබඳතාවය එතරම් සුබ නොවුනත් චන්දිමාල් සහ දිමුත් එක්ව තැබූ සබඳතාවය ශ්‍රී ලංකා කණ්ඩායම ඉහල තැනක තබන්නට සමත් වුණා.
දිනේෂ් චන්දිමාල් සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමටද සමත්වුණා.
කෙසේ නමුත් චන්දිමාල් සහ දිමුත් පන්දුවට පහර දෙන අතරතුර දිමුත් දුවද්දී දැවී යාමකට ලක්වුණා.දිමුත් ලකුණක් කරා දිවීම ආරම්භ කළත් චන්දිමාල් සූදානම් වී නොසිටි අතර දිමුත් දැවී යන අවස්ථාවේ '' මගේ කෝල් එක බං '' යනුවෙන් ආවේගයෙන් ප්‍රකාශ කර යන ආකාරය දකින්න ලැබුණා.
කෙසේ නමුත් දිනය අවසානයේ තරගය සම්බන්ධව අදහස් පළ කළ චන්දිමාල් මේ සම්බන්ධවද අදහස් දක්වා තිබුණා.එහි දී ප්‍රකාශ කර තිබුනේ ක්‍රීඩාගාරයට ගිය විගස දිමුත්ගෙන් සමාව ඉල්ලූ බවටයි.
'' මම ආපු ගමන් එයාට සොරි කිවුවා, ඊට කලින් එයාට අවාසනාවන්ත විදිහට cramp ආවා.ඔහු මට කිව්වා චන්දි පුළුවන් ලකුණ විතරක් ගමු හදිස්සි ලකුණුවලට යන්න ඕනි නැහැ කියලා.ඒ ලකුණ මම හිතන්නේ හදිස්සි ලකුණක්.මම මානස්කව ලෑස්තිවෙලා හිටියේ නැහැ ඒ ලකුණ ගන්න.මොකද දිමුත් කිවුවා එයාට cramp එනවා පොඩ්ඩක් වෙලාව දෙන්න ඒක හදාගන්න කියලා.ඉතින් ඒක තමයි එතන සිදුවුණේ.නමුත් මගේ වැරැද්ද මම ඒ වැරැද්ද පිළිගන්නවා ''
0 Comments