SA20 වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයක් .


දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රිකට් වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන බව තරගාවලියේ සංවිධායකයින් පවසයි. 

ඔක්තෝම්බර් පලම්වනිදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් අතරට දැමුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 115 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 73 දෙනෙකු ඇතුලත්. 

වෙන්දේසියට ලියාපදිංචි වීමට ක්‍රීඩකයින් 600 දෙනෙකු පමණ අයදුම්පත් යොමුකර තිබු බව සදහන්. 

ක්‍රීඩකයින් 200 දෙනෙකුට ආසන්න පිරිසක් ඉදිරිපත් කෙරුණු වෙන්දේසියේ දී කණ්ඩායම් 6 ටම තවමත් මිලදී ගැනීමට අවශ්‍යව ඇත්තේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණි. ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 10 දනෙකු අතුලත්. 

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත් බවයි තරගාවලියේ සංවිධායකයි සදහන් කාලේ. ඒ අතර 

  • කමිදු මෙන්ඩිස් (මූලික වටිනාකම රුපියල් කෝටි 1.4 )
  • දසුන් ශානක (රුපියල් ලක්ෂ 73 )
  • අසිත ප්‍රනාන්දු (රුපියල් ලක්ෂ 73 )
  • ප්‍රමෝද් මධුෂාන් (රුපියල් ලක්ෂ 30)
  • දුශාන් හේමන්ත (රුපියල් ලක්ෂ 73 )
  • චමිදු වික්‍රමසිංහ (රුපියල් ලක්ෂ 30 ) යන ක්‍රීඩකයින් සිටී. 

ව්න්දෙසියට පෙර Joburg Super Kings කණ්ඩායම විසින් මහීෂ් තීක්ෂණ ද, MI Cape Town කණ්ඩායම විසින් නුවන් තුෂාර ද සිය සංචිත වල රදවා ගැනීමට පියවර ගෙන ඇත. 

මෙම තරගාවලිය ජනවාරි 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි. 

තවත් පුවත් : 



Post a Comment

0 Comments