ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ “සේද මාවත ” (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තොරතුර කටුනායක ගුවන් තොටුපොළ අංශ කීපයකම නිලධාරීන් සනාථ කර තිබෙනවා.
අද දින උදෑසන 10.05 ට ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ EK – 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්.
ඒ, අනුව එක් ගුවන් මගියෙකුට ඇමෙරිකානු ඩොලර් 52 බැගින් අය කරන සේද මාවත පර්යන්තය ඔස්සේ ඔවුන් අදාළ ගුවන් යානය වෙත පිවිස තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ, ඇමෙරිකාව වෙත ශ්‍රී ලංකාවේ සිට ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන අතර මොවුන් ද ඩුබායි වෙත ගොස් බොහෝ විට ඇමෙරිකාව බලා පිටත්ව යාමට සැළසුම් කර ඇති බවයි.
තවත් පුවත් :
0 Comments