සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවෙන් අඹ ගසක්..

 


මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියේ, මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බවයි.

එනිසා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කළ යුතුම බව උන්වහන්සේ කියා සිටිති.

එමෙන්ම උන්වහන්සේ කියා සිටියේ, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මිහින්තලාවේ අඹ ගහක් යට දිවුරුම් දීම වඩා සුදුසු බවයි.

 ශ්‍රී ලංකාවේ පළමු රාජතාන්ත්‍රික හමුව සිදුවූයේද අඹ ගහක් යට බවද උන්වහන්සේ සඳහන් කළහ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා රාජමහා විහාරස්ථානයට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

තවත් පුවත් : 

Post a Comment

0 Comments