ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ නායක ඔලිව් පොප් සිය 07වන ටෙස්ට් ශතකය රැස්කරගැනීමට සමත් වුණා.
එය ඔහුගේ ටෙස්ට් දිවියේ රැස් කළ හත්වන ශතකය වනවා.
මෙම ශතක හත රටවල් හතකට එරෙහිව රැස්කර තිබීමත් විශේෂත්වයක්.
ඔලිව් පොප්ගේ සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් ද එක් කර තිබුණා.
දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි (07).
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 262ක්.
එහි දී ඔලිව් පොප් ලකුණු 133ක් සහ ජමීන් ස්මිත් ලකුණු නොලබා නොදැවි පන්දුවට පහර දෙනවා.
පන්දුයැවීමේදී ළහිරු කුමාර සහ මිලාන් රත්නායක කඩුලු දෙක බැගින් දවාගැනීමටයි සමත් වුණේ.
තවත් පුවත් :
0 Comments