මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය අද (17) වනවිට රජයේ මුද්‍රණාලය වෙත භාරදීමට කටයුතු යොදා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් යෝජනා රැස්කිරීමට ඊයේ පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැදවා තිබුණේ ය.
ඒ අනුව බොහෝ දුරට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල රුපියල් 109 ට අඩු අගයක් ගනු ඇති බව පක්ෂ ලේකම්වරුන් අනාවරණ කළේ ය.
මේ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක මේ වන විට නිකුත් කර තිබෙනවා.
එමෙන්ම, , සියලුම සංස්ථා, මණ්ඩලවල සභාපතිවරුන් සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණේ ය.
කෙසේ වෙතත්, ඉදිරි කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අවභාවිත නොකර පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා.
තවත් පුවත් :
- පුතු පැටියාව පිළිගන්න මඟ බලාගෙන ඉන්න නිපුණිකා.
- දමිතාටයි සැමියාටයි ඒ පාර මොකක් ද මේ වෙලා තියෙන්නේ.? - දෙසැම්බර් 11 දෙන විශේෂ තීන්දුව මෙන්න.
0 Comments