රනිල්ගේ ආරක්‍ෂාවට 163ක ආරක්‍ෂක බලඇණියක්..


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව නිලධාරීන් 163 දෙනෙකු මේ වනවිටත් සිටියි.

ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments