2024 Abu Dhabi T 10 : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7ක් ගිවිසුම්ගත වෙයි .


2024 Abu Dhabi T 10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් විසින් සංචිතයේ රදවා ගත්  හා ඍජුව ජිවිසුම් ගතවූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග ඍජුව ගිවිසුම් ගත වීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු සංචිතවල රදවා ගැනීමටත් කණ්ඩායම් කිහිපයක් විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයක්. 

2024 Abu Dhabi T 10 ක්‍රිකට් තරගාවලිය නව කණ්ඩායම් දෙකක් ද එක්වන අතර, ඒ අනුව මෙවර තරගාවලිය ක්‍රීඩා කරන සමස්ත කණ්ඩායම් ගණන 10ක්. 

තරගාවලියට එක්වන නව කණ්ඩායම් දෙක වන්නේ UP Nawabs හා Bolts Ajman යන කණ්ඩායම් දෙකයි. 

New York Strikers කණ්ඩායම විසින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමග ඍජුව ගිවිසුම්ගත වී තිබෙනවා. 

Deccan Gladiators කණ්ඩායම විසින් මහීෂ් තික්ශ්න සිය සංචිතයේ රදවාගෙන ඇති අතර, වනිදු හසරංග Delhi Bulls කණ්ඩායම සමග ඍජුව ගිවිසුම් ගතවීමට පියවර ගෙන ඇත. 

දසුන් ශානක Bangla Tigers සංචිතයේ  රදවා ගෙන තිබෙනවා.  වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්  සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්නේ Chennai Brave Jaguars කණ්ඩායමටයි.  එම කණ්ඩායම විසින් නුවන් තුෂාර හා තිසර පෙරේරා සමග සෘජු ගිවිසුම් ගත වී ඇති අතර බානුක රාජපක්ෂ සංචිතයේ රඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් හා හා ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක රශිඩ් කාන් සමඟ සෘජු ගිවිසුම්ගත වීමට Bangla Tigers  කණ්ඩායම පියවර ගෙන තිබෙන තිබීමද විශේෂත්වයකි.

ජෝස් බට්ලර් හා මාර්කස් ස්ටෝයින්ස් වැනි ක්‍රීඩකයින්ද  මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.

2024 Abu Dhabi T 10 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් දෙවැනි දා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments