අනුර බිලියන 400ක් අලුතින් ණය අරගෙන.. මෙහෙම ගියොත් බංකොලොත්..


රටේ මිනිස්සු ණය නොකරන බව මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කළත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පසුගිය දින කිහිපය තුළ බිලියන හාරසීයකට වඩා ණය ලබාගෙන ජනතාව ණය කර ඇති බවත් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙළ අලුත් එකක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව වැල්ලවීදිය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“අනුර කුමාර දිසානායක මහතා කීවේ ආයේ මේ රට ණය කාරයෙක් කරන්නේ නැහැ කියලා. දේශීය හෝ විදේශීය වෙළෙදපොලෙන් ණය ගන්නෙ නැහැ කියලා කීවේ. මේ දවස් ටිකට බිලියන 400 කට වැඩිය භණ්ඩාගාර බිල්පත් වලින් ණය අරන් තියෙනවා. මැතිවරණ කාල සීමාව තුළ කීවේ රටේ මිනිස්සු ණය කරන්නෙ නැහැ කියලා. අනුර කුමාර මහතා ආර්ථිකය මෙහෙයවන්නේ පරණ විදියටමයි. අලුත් දෙයක් නැහැ. ඒ අය කියපු දේ කරන්නෙ නැති ප්‍රශ්නය තියෙන්නෙ. දේශීය වෙළෙදපොලින් ණය ගන්න පුලුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය හදපු නිසා. අමාරු තීන්දු තීරණ ගත්ත නිසා.

ජනතාව හිතුවේ රනිල් වික්‍රමසිංහ මහතා ආවාම බදු වැඩි කරනවා කියලා. සජිත්, අනුර ආවම බදු අඩු කරයි කියලා. සහන හම්බවෙයි කියලා හිතලා තමා ජනතාව රනිල් වික්‍රමසිංහ තුන්වෙනි තැනට පත්කරලා ඒ අයට ජන්දය ලබා දුන්නේ. ආර්ථික වර්ධනය සියයට හතරයි දශම දෙකකට වැඩි වෙලා. සංචිත ඇ.ඩො. බිලියන 6 කට වැඩිවෙලා. ආදායම වැඩිවුනේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ නිසා කියලා අද ජනතාවට තේරුම් ගහින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ආර්ථිකය හදපු නිසා අද ණය ගන්න පුලුවන් වෙලා තියෙනවා. බංකොලොත් වෙලා තිබුණනම් ණය ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය හදපු එක කුහකත්වයක් නැතිව පිළිගන්න ඕනේ. 2025 අයවැය මගින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලන ප්‍රතිසංස්කරණ කිරීම, අලුත් ආදායම් මාර්ග ලබා ගැනීම, බදු වැඩි කිරීම ගැන පෙන්නන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ශක්තිමත් කණ්ඩායමක් ලංකාව පුරා ඉදිරිපත් කරලා තියෙනවා. අනෙක් කණ්ඩායම් දිහා බැලුවම ශක්තිමත්ම කණ්ඩායම ඉන්නෙ අපිට. අපේ කණ්ඩායම මහ පොළවේ ජීවත්වන, මිනිස්සු එක්ක ඉන්න ප්‍රබල කණ්ඩායමක්.

ඉතාමත් පැහැදිලිව කියන්න පුලුවන් අපිට මෙවර ආණ්ඩු බලය අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ප්‍රබල විපක්ෂයක්. විපක්ෂනායකවරයා අපෙන් බිහිකර ගැනීමට කටයුතු කරනවා. ගිය ජනාධිපතිවරණ ප්‍රතිඑල අනුව අපිට මන්ත්‍රීධූර 37 ක් තියෙනවා. මහ මැතිවරණයකදී ජනතාව බලන්නේ තමන් එක්ක වැඩ කරන්න පුලුවන්, ජනතාව එක්ක ඉන්න කණ්ඩායමක් පාර්ලිමේන්තුව යවන්න. ඒ නිසා ජනාධිපතිවරණය හා මහ මැතිවරණ ප්‍රතිඑලය යම් වෙනසක් වෙයි කියන දේ පේන්න තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 39 ක් තේරීපත් වූ අවස්ථාවක් තියෙනවා. දැන් මේ පාර ඒ අයගෙන් කී දෙනාද තරඟ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අය කතා කරනවා හිටපු ප්‍රධාන අය ජන්දය ඉල්ලන්නේ නැහැ කියලා. එදා ජවිපෙ 39 දෙනාගෙන් අද තුන්දෙනයි ඉල්ලන්නේ. ඒ කාලේ ආපු සියලු දෙනා ජනතාව ප්‍රතික්ෂේප කරලා. රැල්ල නිසා ඒ තුන්දෙනත් ඉල්ලනවා. අනුර කුමාර දිසානායක මහතා ජනපති වුන නිසා පිනට එන්න බලන් ඉන්න කට්ටියක් තමා මේ ඉන්නේ. මේ අය දිස්ත්‍රික්ක තුළ ශක්තිමත් අය නෙමේ.

අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කළ දේමයි. ඒ ප්‍රතිපත්තිමයි. ජනතාව අනුර කුමාර දිසානායක මහතාව ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහතා කරන දේ කරන්න නෙමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගිවිසුම සංශෝධනය කරනවා කිව්වා. බදු අඩු කරනවා කිව්වා. ගුරුවරුන්ට වැටුප් වැඩි කරනවා කිව්වා. පඩි වැඩි කරනවා කිව්වා. අද එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආර්ථික තීරණ ගැනීමේදී ආදායම වියදම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ආදායමක් ලබලා ගෙවීම් කරන එක ගැන සතුටුයි. වියදම් විතරක් කළොත් රට බංකොලොත් වෙනවා.

අනුර කුමාර දිසානායක මහතා සමග දේශපාලනය කරන අය වේදිකාවේ මොනවා කීවත් අද රට යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දිශානතියට. අනුර කුමාර ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල නම් මං හිතන්නේ අපිට ජන්දය දෙන එක හොඳයි ඒ අයට ජන්දය දෙනවට වඩා. මොකද අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ අය නිසා. ඒ අය කරන්නෙ අලුත් දෙයක් නෙමේ.

ජනතාව ජනතා විමුක්ති පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ශක්තිමත් විපක්ෂයක් ලබා දෙන්න ජනතාව තීරණය කරලා තියෙනවා. ඒ නිසා ජනතාව අපට ජන්දය ලබා දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙනාවෙත් ඔය වගේ රැළි තමා. වියත්තු තමා ගෙනාවේ. නාලක ගොඩහේවලා එකට ආවේ. අද ජන්දය ඉල්ලන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා.”

තවත් පුවත් : 

Post a Comment

0 Comments