ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක්: දඬුවම මාස හයකට අත්හිටුවයි.

 


දග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට මාස හයක අත්හිට වූ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, අයි.සී.සී. දූෂණ විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ඔහු පිළිගැනීම හේතුවෙන්. එම සංග්‍රහයේ 2.4.7 වගන්තිය කඩ කර ඇති බව සඳහන්.

විමර්ශනයට අදාළ විය හැකි සාක්ෂි හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම ඇතුළුව පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනා ප්‍රවීන් ජයවික්‍රමට විරුද්ධව ගොනු කර ඇති චෝදනාවයි.

ජාත්‍යන්තර හා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඔහුට මෙම චෝදනා ගොනු කර තිබූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රවීන් ජයවික්‍රම අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේ, 2022 වසරේදීයි.

ඔහු ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 05ක්, එක්දින තරග 05ක් සහ විස්සයි විස්ස තරග 05කට ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 32ක්.

තවත් පුවත් : 

Post a Comment

0 Comments