ලංකාවෙන් රට යන අයට රතු එළියක්..ශ්‍රමිකයින් යැවීම එකවරම අත්හිටවූ බවයි.


ඊශ්‍රායලය සහ ලෙබනනය ආශ්‍රිතව පවතින යුධ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මැදපෙරදිග කලාපයට අලුතින් රැකියා සදහා ශ්‍රමිකයින් යැවීම ගැටලුවක් විය හැකි බව බලපත්‍රලත් විදේශ රැකියා නියුක්ති නියෝජිත ආයතන සංගමයේ ලේකම් මොහොමඩ් අර්සාත්  මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සදහන් කළේ, විදේශ අමාත්‍යංශය කළ දැනුම් දීමත් සමඟ ඊයේ සිට ලෙබනනය සහ සිරියාවට ශ්‍රමිකයින් යැවීම අත්හිටවූ බවයි.

මේ අතර ඉරානය ඊශ්‍රායලට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පළමු වරට ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.

මෙම සෞඛ්‍ය අධිකාරී මධ්‍යස්ථානය හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ එකක් ලෙස සැලකේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments