මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවු ප්‍රධානම වෙනස වුයේ ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක විවේක ගන්වා තිබීමය.
ඒ වෙනුවට නිශාන් මදුෂ්ක (ඔක්තෝබර් 20) එක්දින ක්‍රිකට් තරග වරම් ලබා ගත්තේය.
කුළුදුල් තරගයේදී අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළ නිශාන් මදුෂ්ක පළමු තරගයේදීම සිය පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
ආරම්භක ප්‍රතිකරුවෙකු ලෙස අවිශ්ක ප්‍රනාන්දු සමග පිටියට පිවිසි නිශාන් මදුෂ්ක මුල් කඩුලු 3 ඉක්මනින්ම බිඳ වැටීමෙන් පසු ඇතිවු පීඩනය දරා ගනිමින් සිය ඉනිම ගොඩ නැගීමට සමත්විය.
නායක චරිත් අසලංක සමග වටිනා සබඳතාවක් ගොඩනැගූ ඔහු පන්දු 54කදී ලකුණු 69ක් රැස් කිරීමට සමත්විය.
“ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම කියන්නේ වැදගත් දෙයක්. හොඳ ශ්‍රේණිගත කිරීම්වල ඉන්න නම් අපි නිතරම තරග ජයග්‍රහණය කළ යුතුයි“ යැයි තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සඳහන් කර සිටියේය.
“ඇත්තටම දඹුල්ලේ තරගාවලිය ජයග්‍රහණය කිරීම අපිට හොඳ මානසික ශක්තියක්. ජයග්‍රාහී හැඟීමක් අත්‍යවශ්‍යයි. අනෙක වඩාත් වැදගත් වන්නේ අපි විස්සයි-20 තරගාවලියේ පසුපසින් ඉඳලා ඇවිදින් තරගාවලිය ජයග්‍රහණය කිරීම“ යැයි අසලංක සඳහන් කර සිටියේය.
“අපි අපේ ශක්තියෙන් තරග දිනන්නේ කොහොමද කියලත් බලන්න වෙනවා. මොකද අපි වෙන රටවලට ගියාම එයාලා සකස් කරන තණතීරු මත ක්‍රීඩා කරන්නයි අපිට වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනකොට අපේ ශක්තිය ප්‍රයෝජනයට ගන්න එක සාමාන්‍ය දෙයක්“ යැයි ද චරිත් සඳහන් කර සිටියේය.
මේ අතර පළමු තරගය පිළිබඳව අදහස් දක්වමින් කොදෙව් නායක ෂායි හෝප් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණ තරග කිරීමේදී ඔවුන් සතු ප්‍රබලම දඟ පන්දුවේ අභියෝගයට තම කණ්ඩායමට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. “දඟ පන්දුව සුවිශේෂී භූමිකාවක් ඉටු කරනවා යන අපේක්ෂාව සාමාන්‍ය දෙයක්. සිදුවන්නට යන දේ ගැන ඕනෑවට වඩා කළින් තීරණය කරලා ඔවුන් එක්ක තරග කරන්න බෑ“ යැයි හොප් සඳහන් කර සිටියේය.
තවත් පුවත් :
0 Comments