තෙල් බදු අඩු කරන්න කිසි බාධාවක් නෑ.


ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල නියම කිරීමේදී වෙනත් තරඟකාරී පාර්ශ්වවල කිසිදු සම්බන්ධයක් නොමැති බවට හිටපු අමාත්‍ය කංචන විජේසේකර ''x'' සමාජමාධ්‍ය තුළ පණිවුඩයක් තබමින් පවසනවා.

ඔහු එහි සටහන් කරන්නේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව යනු එක් ක්‍රියාකරුවෙක් මිස කර්මාන්තයේ නියාමනය කරන්නා නොවන බවත්,තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කර තිබෙන බවත්ය.

ඒ අනූව තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ වන මාසික මිල සූත්‍රයට අනුව ලාභ සහ පාඩු දැක්විය යුතු බවද හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එම නිසා සිය අලෙවියෙන් පසු සිදුවන පාඩුව පියවා ගැනීමට පැවති රජය වෙනත් පාර්ශ්වකරුවෙකු සමඟ කිසිදු ගිවිසුමකට එළඹුණේ නැති බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර සංස්ථාවේ ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු නමුත් රජය ඉන්ධන සහනාධාරයක් අනුමත කර නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ නම් පමණක් එනම් පාඩුවට පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ නම්, තෙල් සංස්ථාව ඇතුළු සියළු සමාගම්වට භාණ්ඩාගාරයෙන් එම අලාභය ගෙවීමට රජය බැඳී සිටින බවත් මෙහිදී ඔහු අවධාරණය කරනවා.

තවත් පුවත් : 

Post a Comment

0 Comments