වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද එම රෝහලට පැමිණියා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගේ මිරිහානේ පිහිටි තෙමහල් නිවසක තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.
එම සිද්ධියට අදාළව මිරිහාන පොලීසිය විසින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කටුගස්කොට ප්‍රදේශයේදීයි. ඉන් අනතුරුව ඔහු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
තවත් පුවත් :
- දෙයියනේ මෙච්චර වටිනාකමක්. - මතීෂව ශ්‍රී ලංකා මුදලින් මිලියන 452කට අධික මුදලකට රඳවා ගනී.
- ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)
0 Comments