ලොහාන්ගේ තවත් හොර ජීප් රියක් අත්අඩංගුවට.. එක අංකයෙන් දෙකක්..


හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළ බව කියන ව්‍යාජ අංක තහඩු යෙදු තවත් ජීප් රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තෙල්දෙණිය පොලිස් වසමේ අයි.සී.සී. නිවාස සංකීර්ණයේ පාළු නිවසක ගරාජයක් තුළ එම ජීප් රථය නවතා තිබියදීය.

එහි ව්‍යාජ අංක තහඩුවක් සවිකොට තිබී ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද විමර්ශනවලදී එම අංකය හිමි තවත් ජීප් රථයක් පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

අදාල රථය පිළවල ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවද පොලිසිය කියයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments