හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
හිටපු මන්ත්‍රීවරයාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයත් සුඛෝපභෝගී වාහන දෙකක් නීති විරෝධී ලෙස එකලස් කරන ඒවා බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ වාහන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණත් ඔහු පොලිසිය මගහැරීම හේතුවෙන් මෙම නියෝගය අධිකරණය හරහා ලබාගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අවස්ථා කිහිපයකදී ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ සිට නැත.
තවත් පුවත් :
- මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන්නේ මෙහෙමයි.
- අදායම් බද්ද සංශෝධන කරනවා.. ප්රමාණය කියන්නේ IMF සමග සාකච්චා කරලයි..
0 Comments