ජනපති අනුරගේ සැලසුමට නාමල්ගේ පූර්ණ සහාය.

 


ඩිජිටල්කරණය සඳහා අවදානය යොමු කිරීම ජනාධිපති අනුර දිසානායකට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඩිජිටල්කරණය පිළිබඳ සැලසුම දන්නා උපදේශකවරයෙකු ද සිටින නිසා ජනාධිපතිවරයාට අදාළ සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි බවයි, ඔහු පෙන්වා දුන්නේ.

කඩිනමින් ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය මගින් එය ආරම්භ කළ බවත් සිය පක්ෂයේ උපරිම සහයෝගය ඒ සඳහා ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ගාල්ල ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments