ලෝකෙන්ම දෙවැනි තැනට පැමිණි විරාට් කෝලි


ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සුවිශේෂි කඩයිමක් පසු කර තිබෙනවා.

පසුගියදා (07) මුම්බායි කණ්ඩායමට එරෙහි පැවති තරගයේදී ලකුණු 67ක් රැස් කිරීමත් සමඟ විස්සයි විස්ස තරගවලදී ලකුණු 13,000ක් ලබා ගත් දෙවන වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්විය.

මෙම කඩයිම පසු කිරීම සඳහා ඔහුට ඉනිම් 386ක් වැය වී තිබේ.

ලකුණු 13,000 කඩයිම පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වී තිබෙන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වන අතර ඔහුට මෙම කඩයිම පසු කිරීමට වැය වී ඇති ඉනිම් සංඛ්‍යාව 381කි.


Post a Comment

0 Comments