බිහිසුණු අනතුරක්! 23ක් රෝහලට!


රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

සිදු වූ එම අනතුරකින් කාන්තාවන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

වංගු සහිත ප්‍රදේශයකදී බස් රථය තවත් රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් ආ කන්ටේනර් රථ්‍යක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.


Post a Comment

0 Comments