ඇඟිල්ලේ තුවාලයට බෙහෙත් ගන්න ගිය සිව්දරු පියා අවාසනාවන්ත ලෙස ජීවිතයක්ෂයට පත්වෙයි


ඇඟිල්ලක තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ රෝහල් කාර්යමණ්ඩලයේ අතපසුවීමක් හේතුවෙන් එම පුද්ගලයා මියගිය බවයි. 

මෙලෙස මියගොස් ඇත්තේ පනාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙක්. 

මේ සම්බන්ධයෙන් අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියගෙන් කළ විමසීමකදී ඇයි සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් රෝහල විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

(source – hiru news)

Post a Comment

0 Comments