හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි


මෙරට 11 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අභවප්‍රාප්ත වී තිබෙනවා. 

ඒ, නාරාහේන්පිට යුද හමුදා රෝහලේදීයි.

මිය යන විට ඒ මහතා 92 වන වියේ පසු වුණා.

1988, 1991 අතර කාලසීමාවේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුලු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබීය.

එමෙන්ම යුද්ධය අවසන් කිරීමට විශේෂ බලපෑමක් කළ ස්නයිපර් බලකාය යුද හමුදාවට හදුන්වාදෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ විසින්. 

ඒ මහතා සිය සේවා කාලය තුළ විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු සේවයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන සම්මාන ගණනාවකින් ද පිදුම් ලබා තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.


Post a Comment

0 Comments