මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට


මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස් කාලයේ මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ  විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.


Post a Comment

0 Comments