මාලිමාව හා සජබය එක්ව බේරුවල බලය අල්ලයි! ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් කුපිත වී කෑ ගසයි!


බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී  ආසන 6ක්,  ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 3ක් ලෙස සභිකයින් තේරී පත්ව සිටියා.

ඒ අනුව බේරුවල නගර සභාව පළමු රැස්වීම පසුගිය මස 19 වනදා  පැවැත්වීමට නියමිතව තිබුණද අභියාචනාධිකරණයේ නඩුවට අදාළව දුන් නියෝගයකට අනුව පසුව එය අවලංගු  වුණා.

ඒ අනුව පළමු සභාවේ කටයුතු අද(14) පෙරවරු නමයයි තිහට ආරම්භ කළා.

මෙහිදී සභාපති ධුරය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 හි මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් සහ ජාතික ජනබල වේගයේ මොහොමඩ් අසාර් මොහොමඩ් මබාසිම් තරග වැදුණා.

ප්‍රථමයෙන් රහසිගතවද, විවෘතවද යන්න බහුතර මතය විමසීමේදී 9 ට 7ක් ලෙස විවෘත ඡන්ද ක්‍රමය ජයග්‍රහණය කළා.

ඉන්පසුව විවෘත  ඡන්ද ක්‍රමය යටතේ පැවැති ඡන්ද විමසීමේ දී 9ට 7ක් ලෙස ජාතික ජනබල වේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරමින් බේරුවල නගර සභාවේ සභාපති ලෙස මොහොමඩ් අසාහිර් මොහොමඩ් මබාසිම් පත් වුණා.

පසුව ස්වාධීන කණ්ඩායමේ  සියලු දෙනා බැන වදිමින් සභාවෙන් පිටව ගිය අතර පසුව ඒකමතිකව උපසභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ ඩී.විමලසිරි සිල්වා පත් වුණා.

Post a Comment

0 Comments