රාජිත දේශබන්දු සැලසුමේ… අල්ලන්න යද්දී පැන පැන සැගවේ..

 


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

අල්ලස් කොමිසම පවසන්නේ හිටපු අමාත්‍යවරයා මේ වනවිට සිය දුරකථනය විසන්ධි කර ඇති අතර, ඔහු පදිංචි නිවසටද කිහිප වතාවක් ගියද ඔහුව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

අල්ලස් කොමිසම පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ ඉල්ලා සිටියේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. ඒ, ඔහු අල්ලස් කොමිසමේ විමර්ශන සඳහා සහාය දීම මගහරිමින් සිටින බැවිනි.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට නම් විමර්ශනවලට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවත්, ඒවා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කළ නොහැකි බවත්ය.

එසේම, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබේ.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් නීති විරෝධී ලෙස කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමයි. මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කර ඇත.

මේ අතර, වාර්තා වන පරිදි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් වීමට නියමිතය.

Post a Comment

0 Comments