භාතිය ඇතු මිය යයි.. බේරාගන්න ගත් සියළු උත්සාහයන් අසාර්ථකයි..

 


වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලනිමින් සිටි භාතිය හස්තිරාජයා අද (ජූලි 15) උදෑසන  මියගොස් තිබේ.

පොල්පිතිගම ප්‍රදේශයේ ජල වළකට වැටී සිටි මෙම දළ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වළේ ජලය අඩු කර සේලයින් ලබා දීම ආරම්භ කර තිබුණි.

ඇතාගේ මාංසපේශී දුර්වල මට්ටමක පැවති බැවින්, කෙළින් නොකර වළේ කෙළවරකට ගෙන ප්‍රතිකාර කිරීමට සිදු විය.

සියළු උත්සාහයන් අසාර්ථක කරමින් අවාසනාවන්ත ලෙස භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව ඇත.

Post a Comment

0 Comments