ගම්පහ ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට උණුසුම් වෙයි! විදුහල්පතිට එරෙහිව විරෝධතාවයක්!

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ඉවත් කර ඒ වෙනුවට පළපුරුද්දක් සහිත දක්ෂ විදුහල්පතිවරයෙකු පත්කරන ලෙසට බලකරමින් එම විද්‍යාලය ඉදිරිපිට අද (14) එම විද්‍යාලයේ ආදි සිසුන් සහ දෙමාපියන් මෙන්ම, විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විරෝධතාවක් පැවැත්වුණා.

සිසුන් 5,000 ක් පමණ අධ්‍යාපනය ලබන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුන් ඇතුළු 2,000ක පමණ පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

ඔවුන් ඉල්ලා සිටියේ වත්මන් විදුහල්පතිවරයා ඉවත් කර පළපුරුද්දක් ඇති විදුහල්පතිවරයෙකු පත් කරන ලෙසයි.

පාසැලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් පිරිසක් ද උද්ඝෝෂණයට එක්ව සිටි අතර, විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය ද විදුහලට පැමිණි නමුත් දැඩි විරෝධතා මධ්‍යයේ වත්මන් විදුහල්පතිවරයා පොලිස් ආරක්ෂාව යටතේ පාසැලින් පිටව යනු දක්නට ලැබුණා.

ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැවසුවේ, විදුහල්පතිවරයා ඉවත් කරන්නේ ද නැද්ද යන තීරණය රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කරනු ඇති බවයි.

Post a Comment

0 Comments