අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අදාළ නඩුව තවදුරටත් විභාග වෙමින් පවතින බව වාර්තා වෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම හෝ රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් වන තීරණය විනාඩි 30 කට කල් තබා ඇති බවයි සඳහන් වෙන්නේ.
අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇති බව මීට පෙර තොරතුරු වාර්තා වුනත්, නඩුව තවමත් අවසන් නොමැති බව මේ වන විට වාර්තා වනවා.
පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.


0 Comments