මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනපති යෝජනා කළ නම මෙන්න


මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

එම නාම සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වී තිබුණි.

දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ඔහුව එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබුවා.

පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ප්‍රියන්ත වීරසූරියගේ නම මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කරමින් එවා ඇති බව සඳහන්.


Post a Comment

0 Comments