අද වනවිට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය සඳහා කඩිනම් සංවර්ධන සැළැස්මක අත්‍යවශ්‍යව මතුවී ඇත. ඒ සඳහා වන දැවැන්ත ආයෝජනයන්ගේ අවශ්‍යතාවයන් ගැන විවිධ පාර්ශ්වයන් විසින් කරුණු මතුකරමින් සිටී.
මේ වන විට මෙරට ලංගම සහ පෞද්ගලික බස් සේවා යන දෙඅංශයම අඩු වැඩි වශයෙන් ගුණාත්මක බවින් මෙන්ම ආරක්ෂාකාරී බවින්ද ඉතා අවම සේවාවක් සපයන බව නොරහසකි.
සංඛ්‍යාලේඛන අනූව ශ්‍රී ලංකාව තුල දෛනිකව පුද්ගලයින් අට දෙනෙකු පමණ මාර්ග අනතුරු හේතුවෙන් පමනක් අකාලයේ මිය යන බවට වර්තා වෙයි. මේවායින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවන්නේ බස් රථ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය පැදවීමත්, ප්‍රමිතියෙන් තොර බස් රථත් නිසාවෙනි.
කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආදී බොහෝමයක් මගී ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අවස්ථාවන් හිදී විවිධ විශම මානසික තත්වයන් ඇති පුද්ගලයින්ගේ අනේකවිධ හිරිහැර අඩම්තේට්ටම් වලට ලක්වන බවද නොරහසකි.
තවද ආබාධිත පුද්ගලයින්ට, විශේෂයෙන් රෝද පුටු භාවිතා කරන අයට, පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට නොහැකිය.
බස් රථද ඇතුලු මහා මාර්ග පද්ධතිය තුල ගමන් ගන්නා වාහන වලින් නිකුත් වන දුමාරය, සහ ඒවා ඇති කරන දූවිල්ලද, අවට පරිසරය දැඩි ලෙස දූෂණය කරයි. මෙය මෙරට පුරවැසියන් අතර දරුණු සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු වන අතර, අපගේ වටිනා සංචාරකයින් අතර ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරයි.
විසඳුම්:
1) ක්‍රියාත්මක වන සෑම බස් රථයකම live tracker පද්ධතියක් සවි කිරීම රජය විසින් අනිවාර්ය කළ යුතුය. එමගින් සාමාන්‍ය වේගය, නැවතුම් සංඛ්‍යාව, එක් එක් නැවතුම්පළේ ගත කරන කාලය සහ එන්ජිමේ තත්වය ආදී විශ්ලේෂණ දත්ත නිරීක්ෂණය කළ හැකි අතර, අවශ්‍ය විටදී ක්‍රියාමාර්ග ගැනීම සඳහා මධ්‍යම පාලන ඒකකයකට සජීවීව නැරඹිය හැකිය. බස් රථයක් සඳහා රුපියල් 20,000කට අඩු පිරිවැයකින් මෙම උපකරණ සවිකල හැක.
2) ඕනෑම මගියෙකුට අවශ්‍ය ඕනෑම සිදුවීමක් වාර්තා කිරීම සඳහා හදිසි ඇමතුම් අංකයක් (Hot Line) සමඟ බස් රථවල CCTV පද්ධති අනිවාර්ය කළ යුතුය. මෙය පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී ආරක්ෂාව පිළිබඳ හැඟීම වැඩි කරනු ඇත. මේවාද මධ්‍යම පාලන ඒකකයකට සම්බන්ධ කළ යුතුය. එක් බස් රථයක් සඳහා CCTV පද්ධතියක පිරිවැය රු. 80,000 කට වඩා වැඩි නොවේ.
3) නීතියට අනුව යමින් සියලුම බස් රථවල ආසන පටි පැළඳීම අනිවාර්ය කළ යුතුය.
4) ගමන් කිරීමට නොහැකි ආබාධ සහිත පුද්ගලයින් සඳහා, ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සුදුසු පොදු ප්‍රවාහන සේවාවක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතුය. මේවා අනිවාර්යයෙන්ම බස් රථ නොවිය හැකි නමුත්, ප්‍රදේශය අනුව ඉල්ලුම මත පදනම් වූ සේවාවක් විය හැකිය.
ගරු ප්‍රවාහන අමාත්‍ය, බිමල් රත්නායක මැතිතුමනි, මෙම කුඩා වෙනස් කිරීම් මගින් බස් පද්ධතිය වැඩිදියුණු කිරීම අපගේ පුරවැසියන්ගේ මෙන්ම අපගේ සේවාවන් භාවිතා කරන මිලියන සංඛ්‍යාත සංචාරකයින්ගේ සුභසාධනය බෙහෙවින් වැඩි දියුණු කරනු ඇතැයි අපි විශ්වාස කරන බැවින්, ඔබතුමා මෙම කාරණය සම්බන්ධයෙන් ස්ථිරසාර ලෙස සොයා බලනු ඇතැයි අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. මෙය ආර්ථිකයට ඉමහත් ධනාත්මක බලපෑමක් ඇති කරනු නොඅනුමානය.


0 Comments