2022 ඝෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් කඩාබිඳ දැමූ පසුව නැවතත් රාජ්‍ය පාලනය එ.ජා.ප.රනිල්ගේ දෙපාමුල තබා පාවාදීමට රාජපක්ෂවරුන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර ලෙස වාමගාමී පොදුජනතා ගාමනය වාමාංශික ඉදිරිගමනක නිරත වෙමින් ලංකා ඉතිහාසයේ පළමුවරට වාමාංශික නායකත්වයක තනි බලයක් ලෙස ජනතාව විසින් මාලිමා ආණ්ඩුව බලයට පත් කළේය.
එතැන් සිට1956 සිට පටන්ගත් මැදමාවතේ ගමන් මග රාජපක්ෂවරුන්ගෙන් පසු අවසන් වූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ප්‍රකාශ කරයි. එම විග්‍රහය කරන ලද එකම දේශපාලන ව්‍යාපාරය වූයේ තම පක්ෂය පමණක් බව වාසුදේව නානායක්කාර සහෝදරයා 2025 08.11 දින ජනාධිපති අනුර කුමාර මහතා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.
මාලිමා රජය පත්කළ ජනතාවගේ උවමනාව වූයේ ජනතාව පෙළන IMF කොන්දේසි වලින් ඔබ්බට යන වාමාංශික ජනතාවාදි වැඩපිළිවෙළක් පෙරට ගෙනයාම බවත් එහෙත් මේ වනවිට ජනතාවගේ එම ප්‍රාර්ථනය රනිල්ගේ IMF ගිවිසුමේ ඇපකරය හේතුවෙන් අභියෝගයට ලක්වීඇත්ද පිළිබඳව ජනතාව තුල කනස්සල්ලක් ඇතිවී ඇති බවත් එම ලිපියේ සඳහන් කර ඇත.
තවදුරටත් එම ලිපිය මගින් දක්වා ඇත්තේ මාලිමා රජය විසින් වැටුප් ඉහළ දැමීම ,රජයේ සේවයට 30000ක් බඳවා ගැනීමේ යෝජනාව ,වැනි ජනතා අපේක්ෂා රාශියක් ඉටුකිරීමට පියවර ගැනීම පිළිබඳව ජනතාවගේ ප්‍රසංසාව හිමි වුවත් ,මේ වනවිට පොදු ජනතාවගේ සිත්සතන් තුල කැකෑරෙමින් මතුවී ඇත්තේ බඩුමිළ ඉහළයාම, විදුලි බිල හා තෙල්මිළ ඉහළයාම, විදුලි බල මණ්ඩලය ඇතුළු රජ්‍ය ආයතන සමාගම් බවට පත්කීරීම ගැන සේවක විරෝධය ,බදු ඉහළ දැමීම ගැන ජනතා විරෝධය ආණ්ඩුවට විරුද්ධව ඒකරාශී වෙමින් පවතින බවත් එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඉහත අභියෝග වලට මුහුණ දීම සඳහා වැඩකරන ජනතාවගේත් ,ගොවිජනතාවගේත්,පොදුජනතාවගේත් උවනාවන් තේරුම් ගනිමින් IMF දුුෂ්ඪ චක්‍රයෙන් ක්‍රමානුකූලව ගැලවෙමින් ජනතාවාදී මාවතක් ඔස්සේ විකල්ප විසඳුම් සෙවීමට වහාම පියවර ගන්නා ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.
එසේ නොවුනහොත් ආණ්ඩු විරෝධය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් ලෙස ඒකරාශීවීමේ අනතුර ජා.ජ බ රජය පසුපසද හඹා ඒමට හැකි බවද එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.


0 Comments