කොළඹ ආරක්ෂාව තර කරයි! අද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්!


මහජන සාමය පවත්වාගෙන යාම සඳහා හෙට (26) දිනයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදීමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසනවා.

Article Thumbnail

රනිල්ගේ සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැරකර ඇති මුදල රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක් - පොලිසිය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දහ දෙනෙකුගේ කණ්ඩායමක් පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යාමට අදාළ මුදල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදලෙන් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ දෙකයි ශත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියා.

පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් මෙම විරෝධතාවට සහභාගි වන බව එම පක්ෂය සඳහන් කළා.

මීට සමගාමීව, ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.


Post a Comment

0 Comments