රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් කිරීමට නියෝග

 


අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදා ගත් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබෙනවා.

Post a Comment

0 Comments