රනිල් අත්අඩංගුවට ගන්න කලින්, මම සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා - බිමල් රත්නායක


 මීට මාස එකහමාරකට පමණ පෙර තමන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය සම්බන්ධයෙන් සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් පසු, විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් නීතිය කාටත් සමාන විය යුතු බව පවසන නමුත්, ලොක්කන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බවට ප්‍රකාශ කරන බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අද තැපැල් දෙපාර්තමේන්තුවට සිදු වී ඇත්තේද මෙය බවත්, රටම වෙනස් වනවාට ඔවුන් කැමති වුවද, ඇඟිලි සලකුණු තැබීමට ඔවුන් අකමැති බවත්, ඔවුන් වෙනස් වන්නට අකැමති බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Post a Comment

0 Comments