රක්ෂිත බන්ධනාගාරගත කර සිටින,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (23) දහවල් මල්පාරේ පිහිටි කාර්යාලයේදී පැවැත් වුණා.
අද (23) දහවල් 12ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලනඥයින් මෙම අවස්ථාවට එක්වී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්වී ඇති බව වාර්තා වෙයි.


0 Comments