හෙට හිටපු ජනපති රනිල්ව අත්අඩංගුවට ගැනීම ස්ථිරයි! ප්‍රබල මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ප්‍රකාශයක්!

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට එනම් විසි දෙවන සිකුරාදා දිනයේ අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බව සුදත්ත තිලකසිරි මහතා තහවුරු කර කියා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ රටේ නීතිය සැමට සමානව එක ලෙස ක්‍රියාත්මක වන ආකාරය ඒ අනුව තවදුරටත් තහවුරු වනු ඇති බවය.

කෙසේ වෙතත් හෙට දිනයේ වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට නොගතහොත් තම You Tube නාලිකාව වසා දමන බවට ද ඔහු කියා සිටියේය.

වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවට සහාය දක්වන ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු සහ වත්මන් ජනාධිපති අනුර දිසානායකගේ සමීපතමයකු ලෙස පෙනීසිටින ඔහු මේ බව සඳහන් කර සිටියේ සිය youtube නාලිකාවට වීඩියෝවක් එක්කරමිනි.

Post a Comment

0 Comments