ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස රනිල්ගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලයි.


අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට නඩුවට අදාළ ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.

විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇති බවද සඳහන්.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුෂ ප්‍රේමරත්න අධිකරණයේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයාට හෘද රෝග, දියවැඩියා තත්ත්වයන් සහ රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත්, ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පසුවන බවත්ය. මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා, සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

කෙසේ නමුත්, ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම පැය භාගයකට කල් තබන බව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර සඳහන් කළ අතර, පසුව විදුලිය විසන්ධි වීමේ ගැටලුවක් හේතුවෙන් තවමත් ඇප නියෝගය ප්‍රකාශ කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Post a Comment

0 Comments