නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව නෙවෙයි - ලාල්කාන්ත

පොදු දේපළ අවභාවිත කළහොත්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව නොව, නීති සම්පාදනය පමණක් ආණ්ඩුව විසින් සිදු කරන බවද, නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන විසින් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමේදී එයට බාධා පැවති බවත්, සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වුවත්, ලොකු-ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක නොවූ බවත්, දැන් ලොකු-ලොක්කන්ටත්, සාමාන්‍ය ජනතාවටත් එක ලෙස නීතිය ක්‍රියාත්මක වන බවද ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සිද්ධිය සම්බන්ධයෙන්⁣ මේ දක්වාම වැරදිකරුවකු වී නොමැති බවද, එතුමා සම්බන්ධයෙන් නඩු කටයුත්තක් මේ වන විට ආරම්භ වී ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Post a Comment

0 Comments