අධිකරණය විසින් තීන්දු ලබා දීමට පෙර YouTube නාලිකාවක් පවත්වාගෙන යන ‘සුදා’ නම් පුද්ගලයෙකු තීන්දු ලබාදීමට පටන්ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
මෙය කණගාටුදායක සිදුවීමක් බවයි අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ පසු, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, විනිශ්චයකාරවරයා විසින් තීන්දු ලබාදීමට කටයුතු කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


0 Comments