ඉන්දියාවේදී Air India ගුවන් යානයක් කඩා වැටීමෙන් මියගිය මගීන් 04 දෙනෙකුගේ පවුල් විසින් ගුවන් යානා නිෂ්පාදක Boeing සමාගමට සහ ගුවන් යානා අමතර කොටස් නිෂ්පාදක Honeywell සමාගමට එරෙහිව ඇමෙරිකාවේ නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෝෂ සහිත ඉන්ධන ස්විචයන් අනතුරට හේතු වූ බවත්, ගුවන් යානයේ සැලසුමේ අවදානම් පිළිබඳව දැන සිටියත්, එම සමාගම් විසින් ‘කිසිවක්’ නොකළ බවත් ඔවුන් එහිදී චෝදනා කර තිබෙනවා.
එයාර් ඉන්දියා 171 දරන Boeing 787 ගුවන් යානය අහමදාබාද් සිට ගුවන්ගත වූ විගස කඩා වැටුණු අතර, එහිදී පුද්ගලයන් 260 දෙනෙකු මියගොස්, එක් පුද්ගලයෙක් පමණක් දිවි ගලවාගෙන තිබුණා.
ගුවන් යානය බිමෙන් ඉහතට ගත් මොහොතින් පසුව එන්ජින්වලට සැපයෙන ඉන්ධන සැපයුම නතර වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබුණා.


0 Comments