ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන තීරණාත්මක තරගයක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය, Abu Dhabi හිදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භවීමට නියමිතයි.
B කාණ්ඩය නියෝජනය කරන ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය යන රටවලද ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට මෙම තරගයේ ප්‍රතිඵලය අතිශය තීරණාත්මක වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත්, ඔවුන් සුපිරි 4 දෙනාගේ වටයට පිවිසෙන අතර, පරාජයට පත් වුවත් සුපිරි 4 වටයට පිවිසීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.
ඒ සඳහා, ඇෆ්ගනිස්තනය පළමුව පන්දුවට පහර දී ලබාදෙන ඉලක්කය ශ්‍රී ලංකාවට හඹායාමට නොහැකි වුවත් ලකුණු 71 කට නොවැඩි සංඛ්‍යාවකින් පරාජය වුවද ඔවුන්ට සුපිරි 4 වටයට පිවිසිය හැකියි.
එසේම ශ්‍රී ලංකා මුලින් පන්දුවට පහරදීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය ඇෆ්ගනිස්තානයට පන්දු වාර 11.1කට අඩුවෙන් (පන්දු 53ක් ඉතිරිව තිබියදී) හඹායාමට ඔවුන්ට අවස්ථාවක් නොදිය යුතු වනවා.
මේ අතර ඇෆ්ගනිස්ථානයට සුපිරි 4 වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවට එරෙහිව අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ශුද්ධ ලකුණු වේගය අනුව බංග්ලාදේශය අභිබවා පැමිණිය යුතු අතර, ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය වුවහොත් තරගාවලියෙන් අනිවාර්යයෙන් ඉවත්වන අතර, එහිදී බංග්ලාදේශය සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගන්නවා.
 


 
 
 
 
 
 
 
 
0 Comments